දැන් දැන් අම්මා (වෙ‍ස්සන්තර)dhaen dhaen ammaa (wessanthara)

Dan Dan Amma (Wessanthara)

Lyrics

දැන් දැන් අම්මා ඒවී සිතමින්
බලාඋනෙමු අපි මෙදුකින් මිදෙන්ට
නාවත් මැනවැයි සිතේය දැන්නම්
අප විඳිනා දුක්පීඩා බලන්න...//
දැන් දැන් අම්මා ඒවී සිතමින්...

තුන් සිතකින්වත් සිතුවද අම්මා
පලවැල නෙළන්ට ගිය ඒ වේලේ
පෙරලා ආවිට පලවැල අරගෙන
දෑසට දකින්ට නොලැබෙන වග අප...//

දැන් දැන් අම්මා ඒවී සිතමින්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.