දඹුලු ගලේ dhambulu galee

Dambulu gale

Lyrics

දඹුලු ගලේ දඹුලු ගලේ..
රන්ගිරි දඹුලු ගලේ..
දඹුලු ගලේ දඹුලු ගලේ..
රන්ගිරි දඹුලු ගලේ..

අවට සිරිය හා අසිරිය මිහිරේ
රන්ගිරි දඹුලු ගලේ..
තුරු හිස මුදුනේන් ඈත පෙනෙන ඒ
සීගිරි බල නගරේ..
දඹුලු ගලේ දඹුලු ගලේ..
රන්ගිරි දඹුලු ගලේ..

ශ්වේත වලා පෙල ගුවනේ පාවේ
දුක් ගිනි සඳ බොමිනේ
ඉපැරණි බිතු සිතුවම් පිරි ගිරිහෙල
දිස්වේ ගල මුදුනේ..
දඹුලු ගලේ දඹුලු ගලේ..
රන්ගිරි දඹුලු ගලේ..

අරලිය කිණිහිරියා මල් සුවඳින්
පිවිතුරු සුවය දැනේ..
වඩු ඇමුණූ හා කෙත් සිරිලේ වන්
ඈ නෙතු ‍රැල් සිහිවේ..
දඹුලු ගලේ දඹුලු ගලේ..
රන්ගිරි දඹුලු ගලේ..

දඹුලු ගලේ දඹුලු ගලේ..
රන්ගිරි දඹුලු ගලේ.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.