Lyrics
දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි .... නොදොඩා ඉන්නේ ඇයි
රන් පාටින් සඳ මුහුණ පෙනනවා
වෙන්වී යන මොහොතක් නෑගෙයි
දෑසට ලංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මම් .... ගොළුවී ඉන්නෙමි මම් ....
සෙවනැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම් //
බිත්ති පුරා ඔබේ සෙවනැලි ඇන්දේ
තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා
දම් පාටින් ....
රෑ කල දිගුවේ නම්
ලා සඳ නොමැකේ නම් //
නෙළුම් පතක රැදි පිණිබිඳුවක් සේ
ලමැද සලා යහනේ ඉන්නම්
පමාවෙලා හිරු නැගෙන තුරා
දම් පාටින් ....