දළින් අනිනdhalin anina

Dalin Anina

Lyrics

දළින් අනින පයින් මඩින රුදුරු සැහැසිකම් කල ඇතු //
අන්න බලවු සැදැහැ සිතින් කරඞුව ගෙන යනවා
කරඞුව ගෙන යනවා //

දෙපයින් අහසට නැගෙමින හේෂාරව නද නැගු අසු //
අන්න බලන් ආදරයෙන් රජුට අසුන දෙනවා
රජුට අසුන දෙනවා //

අඟිනවුලා මුල් උදුරා ගුරු තවරා ගත් ගව දෙන //
අන්න බලන් මවක වෙමින් කිරි දෙන්නට එනවා
කිරි දෙන්නට එනවා //

නින්දා රළු බස් පහරින සසල නොවී නිසසල වන //
අන්න බලන් දැමුණු දනා //
නෙත රසඳුන් වෙනවා ////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.