Lyrics
දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි
කෙසේ කියම්දෝ ගාලූ සිරී බලමිදෝ
අත් දිග හැට්ටේ අඳගත් ගාලු ළඳුන්නේ
දෑත පුරා රන් වළළු කිංකිණි හඬ දේ
මුහුදු සුළං විඳිමින් ඉර පැස යන යාමේ
ගාලු පවුර මත කුමරියො වැතිර සිටින්නේ
පනා කපන්නෝ කළුවර කැටයම් කරුවෝ
කලා ශිල්ප දියුණු කරන විස්කම් දරුවෝ
රේස් තිරික්කලේ නැගී ගාලු තරුණයෝ
පෙර සිංහල විරු දරුවන් බලපෙන්වන්නේ