දකුණේ පින් ඇති පින් බිමdhakunee pin aethi pin bima

Dakune Pin Athi Pin Bima

Lyrics

(දකුණේ පින් ඇති පින් බිම වැව්රු කන්නල
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුණට
මොර සූරන වැහි කටුවන කඳු ඉරාගෙන
කූඩුව ගංවතුරෙ ගියා පැටව් එක්කම...//)

අප්පච්චී කිය කිය මුළු දවස පුරාම
කතා කරපු හඬ ඇසේවී තාම ළඟ ළඟ 
අනාගතේ මා දුටු සුභ නිමිති සේරම
මගෙන් උදුර ගෙන ගං දිය ගියා මුහුදට

දකුණේ පින් ඇති පින්....

පිහිට වෙලා බේරගන්න මගේ කුඩුව
පින් අරගත් දෙවියන්වත් උන්නෙ නෑ ළඟ
සොඳුර සමඟ දරුවන් බිලි ගත්ත වගේම
මාවත් බිලි ගත්තා නම් දුකක් නෑ මට

දකුණේ පින් ඇති පින්....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.