Lyrics
දැකුම්කලු දර්ශණී ....
ඇසින් දුටුවට මොකෝ
හිතින් දුටුවේ නැතෝ
ඉතිං මා හැගි සෙනේ
කෙසේ පුද දෙන්නෙදෝ
දැකුම්කලු දර්ශණී ....
සැලෙන මත් බිගු නද අසා
මලක් නම් ඔබ මට එපා //
නොපායන රැය දින පතා
සදක් වී ඔබ මට එපා
දැකුම්කලු දර්ශණී ....
ඉමක් නොපෙනෙන සිතිජයේ
ඉරත් ඇද සුදු ආදරේ //
හිත පුරා ඔබ දුටු දිනේ
දියඹ පිහිනම් සාගරේ
දැකුම්කලු දර්ශණී ....