Lyrics
දක්ෂ විලසින් සැලසුම් කරගෙන කළදේ නමුත් වැරදුන
සතුටින් සිටියාද ඒ අය
ලක්ෂ හතරක් හොරකම් කරගෙන ජීවිතක් නැති කරගෙන
සතුටින් සිටියාද ඒ අය
දක්ෂ කමට සැම එදා කෙරුවෙ මෝඩකම
ලක්ෂ හතරෙ හොරකම ගැන කියනවාට මම
කෑ මොරගහ ගෙන සිරිලකේ පැතිරුන
මේ හොරකම ගැන කව්රුත් දනී අද දින
ඉන්ස්පික්ටර් වෙස් ගෙන
යුනිෆෝම් එකක් ඇඳගෙන
කෝස් එකට ඒ දින ගියාලු රථය පැදගෙන
දක්ෂ විලසින් සැලසුම්......
රථය පැදෙව්වේ කුරුදුවත්ත දිසාවේ
පාලු පාරක් සෙව්වේ මහතගෙ කරුමෙට ආවෙ
පුත්තලම දිසාවේ අලි කොටි වසන කැලෑවේ
ජෝන් සිල්ව ගෙනාවේ ගහකට තියාල වෙලුවේ
ජෝන් සිල්ව කැලෑවේ තනිවෙල මොනවද කිව්වෙ
මේකටද යාලුවෙ උඹලා මාව ගෙනාවේ
දක්ෂ විලසින් සැලසුම්......
දරුවො ඇති පියා අහිංසක ජෝන් අයියා
දෙවියන්ට කිය කියා කැලෑවෙ පණ ගියා
ජෝන් සිල්වට කළදේ ගිනි ඇවිලෙයි හර්දේ
ඒ කල අපරාදේ පර ලෝකෙදි පලදේ
ජෝන් සිල්ව මරාලා පවුලක් වනසාලා
මිනිමරුට සැමකලා ඉන්නට හැකිද බේරිලා
දක්ෂ විලසින් සැලසුම්......