දකින දසුනේ දෙනෙත ඇඳුනේdhakina dhasunee dhenetha aendunee

Dakina Dasune Denetha Adune

Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

චිත්‍රපටය: ගීතා (1970)

දකින දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබ රුව වේ
පවන ඇසුනේ සවන රැඳුනේ
(ඔබගේ කට හඬ වේ....//)

මහද විමනේ කැකුළු යහනේ
ඔබයි සැතපෙන්නේ
සිතන සිතුමේ පතන පැතුමේ
(ඔබයි හිනැහෙන්නේ....//)

දකින දසුනේ....

දෙපස ගංගා දෙකකි එක්වී
එක තැනට ආවේ
එකම ඒ ගං ජලය මුසුවී
(සයුර තුල පාවේ....//)

දකින දසුනේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.