දකින දකිනdhakina dhakina

Dakina Dakina

Music:
චමත් සංගීත්chamath sangiith
Lyrics:
දුලන්ජ් අල්විස් (දුලාන් ARX)dhulanj alwis (dhulaan arx)

Lyrics

ඔය සිනා මා සිතේ.. පෙම් හැඟුම් යා කලා
මුදු නුරා මාරුතේ.. පාවුනා මත් වෙලා
ඉඟි කලාදෝ හිතේ මොනවදෝ හංගලා
මිරිඟුවක් සේ නෙතේ පැටලිලා ළං වෙලා

(Chorus)
ඒ දකින දකින දකින සිහිනේ හිඳින්නේ ඔයා
ඇස් කොනින් මා දිහා.. ඇයි බලන්නේ ඔයා
ඒ දැනුන දැනුන දැනුන හැඟුම විඳින්නේ මෙමා
දැන් ඉතින් පෙම්බරෝ.. මට කියන්නකෝ නුඹේද මා

(RAP Verse)
ඇඹලයෙක් මං
පැණි මුට්ටියකට වැටුණ
තව තව මත් වෙලා ගිලෙයි දැං
ගොඩගත්තට ගොඩ නොඑන

ලව් සන්නිපාතේ හැදිලා 
මම බිව්වෙත් නෑ
ඒත් වැදිලා
මට්ටු වෙන්නෙත් නෑ 
රෑක වැටුණු වලට දවාලේ ආයෙම ආයෙමත් ඔන්න බං පැනලා

මම සීරුවෙන් 
හිත ඇතුලෙන් නටන්නේ යකා
දුර දිග නොබැලුව විහිලුවෙන් නුඹේ හිත රිදුණාද නගා..නගා..

බොරු චාටු නෑ
මම නාහෙට නාහන එකා
ඔයා එනවානං ඉතිං කාරි නෑ
හඳ පානෙම යමුද නගා..නගා..

(Chorus)
ඒ දකින දකින දකින සිහිනේ....

ඔය සිනා මා සිතේ.. පෙම් හැඟුම් යා කලා
මුදු නුරා මාරුතේ.. පාවුනා මත් වෙලා
ඉඟි කලාදෝ හිතේ මොනවදෝ හංගලා
මිරිඟුවක් සේ නෙතේ පැටලිලා ළං වෙලා

(Chorus)
ඒ දකින දකින දකින සිහිනේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.