දෛවය අපේ එදාdhaiwaya apee edhaa

Daiwaya Ape Eda

Music:
පැතුම් කුරේpaethum kuree
Lyrics:
රොෂාන් පෙරේරාroshaan pereeraa

Lyrics

දෛවය අපේ එදා මට නැති කළා ඔයා
හැමදේ පවා අත්හැරියේ මා ඔයා හින්දා තමයි පෙරදා
එපා තනියෙන් ඉන්න මතුදා කොහේ හිටියත් පතමි හැමදා
ඔයා වෙනුවෙන් බුදුන් වැඳලා එදා පැතු දේ අදත් පැතුවා.......

(පෙම්වතුන් වෙන්න පෙම් කළා ඒ වුණත් අපිව වෙන් කළා...//)
ජීවිතේ පැරදුණේ නොලැබුණු නිසා ආදරේ 
පෙර භවේ පාපයක් පල දුන්නදෝ මේ භවේ.....

(මං වාගේ වේදනා ලබා කව්රුවත් දුක් විඳින්නෙපා...//)
ජීවිතේ පැරදුණේ නොලැබුණු නිසා ආදරේ 
පෙර භවේ පාපයක් පල දුන්නදෝ මේ භවේ.....

දෛවය අපේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.