දහසක් සිතුවිලිdhahasak sithuwili

Dahasak Sithuwili

Music:
රුවන් ප්‍රියදර්ශනruwan priyadharshana
Lyrics:
රුවන් ප්‍රියදර්ශනruwan priyadharshana

Lyrics

දහසක් සිතුවිලි හද තුල රන්දා 
ඔබ හට පෙම් කල තරමට 
ඔබ මට පෙම් කෙරුවේ නෑ 
පුංචි කුමරියේ.. පුංචි කුමරියේ..   
මා හා දැවටුනු හැටි මතකයි 
පුංචි කුමරියේ.. පුංචි කුමරියේ..

දවසක් හැඬුවා මතකද ගොලු දරුවෙකු දැක ආ 
ඔබ සනසන්නට මා ගත් වෑයම 
මාවත් දන්නේ නොමැති තරම්    
ඔබේ අහිංසක පුංචි හදවතේ 
කුරිරු උනේ මා හැර යන්නට
පුංචි කුමරියේ.. පුංචි කුමරියේ..

පෙරදින වැලපුණු ඔබමද 
මා තනි කර දැමුවේ 
මා සනසන්නට ඔබ නෑ අද ලඟ 
ඔබේ පොරොන්දුව අමතක කරදා 
ඔබේ අහිංසක පුංචි හදවතේ 
කුරිරු උනේ මා හැර යන්නට
පුංචි කුමරියේ.. පුංචි කුමරියේ..

දහසක් සිතුවිලි හද තුල රන්දා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.