දහසක් මල් පිපිලාdhahasak mal pipilaa

Dahasak Mal Pipila

Lyrics:
අතුල අධිකාරීathula adhhikaarii

Lyrics

දහසක් මල් පිපිලා
සතුටු සිනා මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ... සිහින සැබෑවිලා...

ඔබේ සිතයි මගේ සිතයි 
සදාදරේ සුවේ ලබයි
ඔබේ සෙනේ වෙනස් නොවේ 
ඉරයි හදයි වගේ තියෙයි

දහසක් මල් පිපිලා... /

මගේ සිතුම් ඔබේ සිතුම් 
සමාන වී සදා බැදේ
අපේ ලොවේ සුසුම් නැතේ 
වසන්තයයි උදා උනේ ...

දහසක් මල් පිපිලා... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.