දඟර වලිගdhangara waliga

Dagara Waliga (Theme Song)

Lyrics

අහන්න දුවේ පුතේ ආදර දුවේ පුතේ
වලිගය කරකවතේ දිය මත පාව යතේ
දඟර වලිග ලප වානර දස්කම් දක්වනවා
අහසේ ඉගිල යතේ වලිගෙන් ගෙඩි කඩතේ
බැරි බර කරට අරන් දඩයම් පිරිහිලා යතේ

මරු සකිලා මෙයයි කියලා මෙයාගේ නම තිබුනි පොතේ
දඟර වලිග ලප වානර අළුත් නමක් පට බඳිතේ

වලිගෙන් රූ අඳිතේ දරුවන් සනසවතේ
වලිගාවන් තියගෙන ඵල වැල නෙලයි පුතේ
ඔංචිල්ලා පදිතේ දරුවන් පද්දවතේ
ගෙයි සමගිය රකිමින් සතුනට සෙනෙහේ දෙතේ
දඟර වලිග ලප වානර විමසිල්ලෙන් දිනනා

දිය කරණම් පානා වලිගා ඔරුවේ නැගෙනා
පෙරළෙයි රෝද ගසා හිත මිතුරන් සනසා
දියගොඩ හැම යාළු ඒ හැම සනසාලු
වලිගය වැජඹේලු අපිටත් හිමිවේලු
දඟර වලිග ලප වානර විස්කම් පෙන්වනවා

අහන්න දුවේ පුතේ….
මරු සකිලා මෙයයි....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.