දඟකාරී මං මද්දුම දෝණීdhangakaarii man madhdhuma dhoonii

Dagakari Man Madduma Doni

Lyrics

දඟකාරී මං මද්දුම දෝණී
ඔබට අකීකරු නෑ අම්මේ
බක් මී මල වට බමරු නටනවා
වරද මලේ සුවද ද අම්මේ

යන එන අතරේ පාර දෙපැත්තේ
දොරින් දොරට අැස් මුමුණනවා
දිවෙන් දිවට රස කතා ගොතද්දී
කට වට කොට වැට බඳින්නදෝ අම්මේ

දහසක් වැට කොටු තහංචි බැන්දේ
මගේ සිත රැහැනින් බඳින්නදෝ
මට ම මගේ සිත කීකරු නැතිදා
මුර සෙබළුන් මා රකින්නදෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.