දඟකාරයි හැඩකාරයිdhangakaarayi haedakaarayi

Dagakarai Hadakarai

Lyrics

දඟකාරයි හැඩකාරයි සමනලයින් වගේ
සනසාලයි නළවාලයි ගයන ගීත අපේ
හැඩවැඩ දාලා රස ගී ගයාලා
සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාළුවේ...//

නව ලෝකය ජය ලබන්නේ දැනුම වඩවලා
ගුරු දෙගුරුන් සනසවන්නේ ගුණදම් වඩලා
පාසැල් කාලේ අපේ පොඩි කාලේ//
හැඩවැඩ දාලා රස ගී ගයාලා
සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාළුවේ...

දඟකාරයි හැඩකාරයි...

කෙළි සෙල්ලම් අපි කරන්නේ ජය නද ලබලා
රඟමඩලේ සිරි මවන්නේ සරසවි වැඳලා
දඟ වැඩ බාලේ හුරතල් ලෝකේ//
හැඩ වැඩ දාලා රස ගී ගයාලා
සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාළුවේ...

දඟකාරයි හැඩකාරයි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.