දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩාdhangakaara haedakaari obee kammul walata wadaa

Dagakara Hedakari Obe

Lyrics

දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා
කියා ‍… ‍….ඔබ දන්නවා

ඔබ මලක් වෙලා සොඳුරු
මගෙ පපුව පුරා පිරුණු
නිමාවක් නැති ආදරේ
කවුරුවත් දන්නෙ නෑ
අපෙ දිවි තිබෙන තුරා
ඔබ මට ලැබුනා කියා ‍…..

දිවි මැදුර පුරා
දෙව් දුවක් වෙලා තුරුළු
නිමාවක් නැති ජීවිතේ
කවුරුවත් දන්නෙ නෑ
සසරින් සසර සරා
ඔබ මට ලැබුණා කියා ‍…..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.