දෑසේහි කඳුලු මැවුවේdhaeseehi kandulu maewuwee

Daesehi Kandulu Meuwe

Lyrics:
තිස්ස ඩයස්thissa dayas

Lyrics

දෑසේහි කඳුලු මැවුවේ
මුවගේ සිනහව මැවුවේ 
එක වරකි පෙම් කරන්නේ 
මේ මුළු ජීවිතේ හඬන්නේ
 
හමුවීලා වෙන්ව යන්නේ 
හමුවේද යලි නොදන්නේ 
අවසාන තීරණේ මේ    
ඒකයි ජීවිතේ කියන්නේ 

කඳුළින්ම දිවි ගෙවන්නයි 
අපි ජීවිතේ උපන්නේ 
ඒ මිහිරි වේදනාවයි 
මේ ආදරේ කියන්නේ 
ලෝ පෙම්වතුන් විනාසේ 
මේ හදවතින් හඬන්නේ 
ගල් සිත් පවා සැලෙන්නේ 
මේකයි ආදරේ කියන්නේ 

දෑසේහි කඳුලු මැවුවේ....

සංකා තැවුල් සැදෙන්නේ 
මේ ජීවිතේ නිසාදෝ 
සැනසුම් සුසුම් හෙලන්නේ 
මේ ආදරේ නිසාදෝ 
කාගෙන්ද කොහොම කවදා 
අපි ආදරේ ලබන්නේ 
දෛවයට බාර දෙන්නේ 
එය විසඳීම ඔහු සතුයිනේ 

දෑසේහි කඳුලු මැවුවේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.