දෑසම රිද්දනdhaesama ridhdhana

Daesama riddana

Music:
රූකාන්ත ගුණතිලකruukaantha gunathilaka
Lyrics:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

Lyrics

දෑසම රිද්දන හසගන තාලෙට 
පාද නගාගෙන කවුද හැබෑටම 
මේ යන රන් ළන්ඳා...
කිව්වානාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙළනවා...

මේ හැටි ලස්සන රූ වරුනාවට
ඉබේම නැවතුනු හිටි පාදෙම
ඔය කී රූ වරුණා...
මා ගැන නම් මේ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා...

මල් පෙති වාගේ පාද රිදෙද්දෝ
බොරළු ප‍යේ ඇනිලා
මා‍ ගැන මන්දෝ මේ අනුකම්පා
හිතට දුකක් දැනිලා...
ආලේ කුසුමෙන් මා හිත පිපිලා
සුවඳ හදේ රැඳිලා...

පේර නාරං බෝවිටියා දං 
අපට කඩා දෙයිදෝ
බුරුතු පිටින් මේ වාරේ අවාරේ
නෙලාන ඉන්නම් දෝ...
මේ ගුරු පා‍රේ මේ නෙතු ආයේ
හෙටත් සිනා සෙයිදෝ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.