ක්‍රිකට් පිත්ත අතට අරන්krikat piththa athata aran

Cricket Piththa Athata Aran

Lyrics

ක්‍රිකට් පිත්ත අතට අරන් ඔයා එනකොට 
කැහෙනවා දැන් මගේ හදවත 
අනේ මෙදා සැරේ ගොඩදාන්න ඕනේ මැච් එක 
ඔයාටමයි මගේ බකප් එක 
ඔයා තමයි මගේ පිකප් එක//

බොලේ දාන අයියා ටිකක් මේක අහන්න 
බොලේ ටිකක් හිමින් දාන්න 
දුෂ්රා වෙලා වේග පන්දු එපා දාන්න 
එපා එපා අවුට් කරන්න...

බෝල් කරයි මැද කණුවට එපා සැලෙන්න 
ඉස්සරහට ඔයා පනින්න 
ෆිල්ඩර්ස්ලා ෆුල් හොල්මන් කරලා දාන්න 
අනේ හයේ එකක් උඩින් ගහන්න...

ක්‍රිකට් පිත්ත...

මෑන් ඔෆ් ද මැච් කියලා රෙකෝඩ් තියන්න 
බොලේ බලලා හොඳට ගහන්න 
සෙන්චරියක් අරන් රටට එන්න බලන්න 
ලංකාවේ නම රැකගන්න...

එක ලකුණයි ගන්න ඕනේ ගේම දිනන්න 
විකට් එකේ ඉන්න බලන්න 
අනේ අම්පයර් අන්කල් මේ අපට දිනන්න 
බැරිද අපට සපෝට් කරන්න...

ක්‍රිකට් පිත්ත...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.