Lyrics
අපි කොළොඹ වටේ යමු කැරකිලා
රළු මුහුදු සුළං ළඟ නැවතිලා
බෝ ගහටත් පඬුරක් දාලා
එමු බොරැල්ලේ හංදිය පහු කරලා
නිදහසේ සියොතුන් වගේ
නගරයේ අහු මුළු දිගේ
යමු ඔහේ රියේ මංපෙත් දිගේ
යමු කොළොඹ වටේ අපි කොළොඹ වටේ අපි//
බේර වැව නම් තව දුකින් තැවේ
කටු ගෙට යන එන මහ පාර දිගේ
ඔබ library යන්නේ කොහෙද නඟේ
ත'ස්ටන් එකේ කොළොඹ හතේ
පුරහලේකොල්ලෝ ටික පාර තොටේ
සිරි නරඹමු අපි නවම් මාවතේ
ගිහින් එමුද ගඟ රාමේ
තොටු පවුරේ රළ තාම බිඳේ
galleface එකේ දැන් ජෝඩු නැතේ
නම තිබුනොත් නමට ලෙල්ලේ
විතර මහ දෙවියන් නැතේ...