Lyrics
චුට්ටක් නුඹ දගකාරයි
බැලුවම හරි සිරියාවයි
ඇග තද ඩෙනිමට කැමතිම නෑ මම
මල් ගවුමට නම් ආසයි
වැවෙන් නාල නුඹ එන හැටි දැක්කම
මගේ හිතේ මල් පූදිනවා..
කිතුල් රෑන සේ දිදුලන වරලස
දැක්කම කාගෙත් හිත යනවා
චුට්ටක් නුඹ දගකාරයි
අවුරුදු කාලෙට කොහා හඩනකොට
මගෙ අතමිට සරු වී එනවා..
නැකතක් බලලා අම්මට කියලා
කැන්දන් යන්නට මං එනවා..
චුට්ටක් නුඹ දගකාරයි...///