චූටි දුවේchuuti dhuwee

Chuti Duwe

Lyrics

චූටි දුවේ සුදු රන් කැටියා
දොයියන්නකෝ මගෙ කිරි කැටියා
කියමින් මා නැළවූ අම්මා
දෝත නගා වඳිනෙමි අම්මා //

මලක් වගේ මා රැක බැලුවේ
නෙත පොපියා පණ සේ වැඩුවේ //
දීලා ඹවදන් යහ මග යැව්වේ
රසට අහර ගෙන මට කැව්වේ
අම්මා ඔබයි මගේ සුද අම්මේ

සඳ මැද්දෙන් ඇත් සාවා
දූට මගේ මා ගෙන දෙනවා
අන්නදුවේ අම්බිලි මාමා 
නළව නළව සුරතල් කෙරුවා
ආදර මගෙ සුදු අම්මා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.