චොකලට් කෑල්ලchokalat kaella

Chokalate Kella

Lyrics

එක දෙක මොණර කාසි පර්ස් එකට එන්නෙ
දැන් පුල් අාතල් එකේනෙ මම හිඳින්නෙ
වැරදුනා යම් තැනක මට දැන් හැඟෙන්නෙ
කෙල්ලට දන් දීලා රිම් එකෙන් උන්නෙ...//

චොකලට් කෑල්ල මගෙ සූකිරි බට්ටියා මගෙ
ඔයාව නොලැබුණොත් අනෙ පනිනවා ලෝකාන්තෙ
ඉස්සර කිව්වාට අනෙ ආයෙත් නෑ කියන්න‍ෙ
ඉස්සර කිව්වාට අනෙ ආයෙත් නෑ කියන්න‍ෙ

පංතිත් කට් කරලා ඉන්නෙ ඇය බලන්න
කරුමෙට සෙට්වුනා මගෙ වත හිඳෙන්න
තිබුණට බූට් සොමිය මේ හඳ පිරෙන්න
දැන් දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම

චොකලට් කෑල්ල මගෙ.../

වදයක් නෑ රෑට නෑ මල් කඩන්නෙ
ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නෙ
වියදම දැන් නෑ මචං ඩබල් වෙන්නෙ
බූට් එකක් නමුදු ආතල් එකක්නෙ...//

චොකලට් කෑල්ල මගෙ.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.