Lyrics
ඡායා මවා පා සිනා රාගී නුවන් කොණේ
පාවී ගියා රෑ දිවා මායා හැඟුම් පිරේ
රහසේ ලියා ආදරේ ආශා පැතුම් පොතේ
රැ සිහිනයේ දෑතේ වෙලී දෑසින් ගෙ සුවේ
සැනසුම් සුසුම් මල් පැතුම් යාවේ මගෙ ලොවේ
උණුසුම් හැඟුම් පෙම් රැඟුම් දෑසේ මැවේ නිවේ
මේ චාරිකා පෙම් ලොවේ මල් පීදුනා මං පෙතේ
මේ වාසනා ජීවිතේ ආදරේ
අප උපතින් ගෙනා මල් හිනා සැඟවේ ලවන් විතේ
සවනේ ඇස් ගීතිකා රැව්දේ පහන් සිතේ
මේ වාලුකා මං තලේ ගංගා ගලා පෙම් රසේ
හද පෑරුණා රන් රසේ මීවිතේ