චාරු දේහේ නුරාchaaru dheehee nuraa

Charu Dehe Nura

Lyrics

චාරු දේහේ නුරා මා දෑසේ මැවේ 
රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ //
චාරු දේහේ නුරා 

පිහින පීනා රසෝඝේ 
සාරාගී විලේ රාත්‍රී යාමයේ //
ඈගේ දෑසේ ප්‍ර‍බෝධේ 
නුරා ගී නැගේ 
ජීවිතේ යෞවනේ 
ප්‍රේමයේ මීවනේ 

චාරු දේහේ නුරා..

සීත මිහිදුම් වළාවෝ 
වෙලීලා සදේ තාරකාවේ //
මිහිතලාවේ තුසීතේ 
මැවේ මා හදේ 
ජීවිතේ යෞවනේ 
ප්‍රේමයේ මී වනේ 

චාරු දේහේ නුරා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.