Lyrics
චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හෘදේ ඡායා මවා
රිද්දා සිපගන්න
සීතේ බෑ ඉන්න
ආලේ හිස්තැන් එපා
නැතුවට කම් නෑ රන් මාලේ
සිත බැඳි මුතු පොට නුඹෙ ආලේ
වියදම් අඩුවට කරකාරේ
ගත්තට අඩු නෑ ආලේ
චන්ද්‍රා පායන්න....
සිංදූ ගංගා තීරේ මා දුටුවා
හැන්දෑ යාමේ දෑසම සුව වින්දා
සුළඟින් ඇසුවා නුඹ කොහිදෝ බැලුවා
සුසුමේ දැවටී දුර යන්නට පැතුවා
චන්ද්‍රා පෑයූ ගං තීරේ
හෘදේ සුව කැන්දූ මේ හීනේ
චන්ද්‍රා පායන්න....
නැතුවට කම් නෑ....
චන්ද්‍රා පායන්න....