Lyrics
චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං උනා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් උනා…
චන්ද්‍ර කින්නර ජාතකේ…
ගෙට එන්න පෙර කී කතා
උඩුගම් බලි ගියෙ දෝ මෙදා
විස හී සරේ පපුවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කළා…
අත දරුවො ගෙන මහගිරි දඹේ
තනිවම නගින්නද පෙම් කළේ
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනවද බරණැස් පුරේ…
චන්ද්‍ර කින්නර ජාතකේ…