Lyrics
චන්දන ඇල්ලෙන් නාලා - අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා - ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා...
මලට මුවා වී ඉන්නේ - මල් පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළු ව ඉන්නේ - ලෝකය නෑ එය දන්නේ
චන්දන ඇල්ලෙන් නාලා... /
දහසක් නෙත් යොමු වන්නේ - එනමුදු නෑ හඳුනන්නේ
ඇසිපිය යට සැඟවෙන්නේ - සිහින ලොවේ හමු වන්නේ
චන්දන ඇල්ලෙන් නාලා... /
එක කුසුමකි පිබිදෙන්නේ - එක වන බඹරෙකි ඉන්නේ
දෙබරුන් සේනා එන්නේ - වෙනසක් නෑ සිදුවන්නේ
චන්දන ඇල්ලෙන් නාලා... /