Lyrics

වස්සන හද වස්සන පෙම ඇවිල්ලා
ඇස් ඇරගෙන ලස්සන නුඹෙ වින්දා

ඉඟ සුඟ මගෙ නැඏවුනා යන විට බඳ සෙළවුනා
ඉඟිබිඟි හද කැළතුණා නිතරම නුුඹ සිහිවුනා
ඉන්නේ මා ලංවෙලා හීන මවමිනි
දන්නේනෑ ඇයි කියා දෑස සනසමි
චංචලයි .... චංචලයි ....

දුර එන විට නලවලා මම නොදැනිම කැලඹුනා
ඇස උඩ ලඟ නැවතුනා හිත මත පෙම මුසුවුණා
කෝලකම් චාටුවෙන් දෙන්න මට නුඹේ 
චංචලයි .... චංචලයි ....

ඔබෙ හිත මා ගාවයි ඇස්තිරෙන් තේරුණා
මගෙ හිත ඔබ ගාවයි රැස් විහිදී යාවුණා //
ලංව හිදිමි වෙන්ව නොයෙමි නුඹට කිසිදින 
යන්න නොදෙමි මත්ව බැඳෙමි කාරි නැත මට
ඉන්නෙ සදා මගෙ ලෙමයි එන්ට හිතුමතේ
චංචලයි .... චංචලයි ....

සඳ රිසි රුව පාවී සිත මාගේ මත්වුණා
කිසිවිට නොපැතුසේ සඳ ආයේ ලංවුණා //
ආල කරමි පාළු මකමි යාවී ඔබ ලග
සිත්ව සරමි ප්‍රේම පුරමි ගෑවි ලය මත 
ඉන්නෙ ඔබේ හිත මටයි බෝම රිසි ලෙසේ
චංචලයි .... චංචලයි ....

ඉඟ සුඟ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.