Lyrics
චංචල අඳුරු ලොවේ
නිසංසල සීතල පරම සුවේ
මිහිපිට තැනෙක තියේ
සොයා එමි - මම ඒ සෙවණ පියේ
පොළොව දෙදරණ ගිම්හානේ
ගතට ගිමන දෙන මද්දහනේ
ඇසිපිය හෙළනට ලැගුම් පතන්නෙමි
පිවිතුරු හදවත් මල් යහනේ
නිසරු වියළි කළු වැලි කතරේ
මුමුණ මුමුණ යන දිය දහරේ
සංසිඳවනු මැන හඬන පිපාසේ
බිඳුවක් රඳවා තොල් අතරේ