චමත්කාරයිchamathkaarayi

Chamathkarai

Music:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
Lyrics:
ආනන්ද මැදගෙදරaanandha maedhagedhara

Lyrics

ඒ සොඳුරු වස්සානේ තනි වූ 
යහන්තෙර අද්දර සැරිසරා
මතක තැන් අතරේ මං සෙව්වා 
ඔබේ උණුසුම් සුසුම් බිඳුවක්
චමත්කාරයි ඒ හැඟුම්
සරාගී හැන්දෑවක් අරන්
අලංකාරයි ඒ හැඟුම්
සරාගී හැන්දෑවක් අරන්.......

සඳ සළු අතුරා යහන පුරා තරු එළියේ දෑඟිලි පටලා
සළු පිලි විසිරි මැවූ රටා නෙත් අග පැටලී සිත රිදවා
මතක තැන් අතරේ මං සෙව්වා ඔබේ උණුසුම් සුසුම් බිඳුවක්
චමත්කාරයි ඒ හැඟුම් සරාගී හැන්දෑවක් අරන්
අලංකාරයි ඒ හැඟුම් සරාගී හැන්දෑවක් අරන්.......

පිනි බිඳුවෙන් බිඳුවට සීත රැයේ 
ඔබේ උණුහුම සියෝළඟ වෙලෙනු දැනේ
රතු දෙතොලේ මිහිරම මතක ඉමේ 
තනිවෙන්නට එනු යළි මේ රැය අපේ
මතක තැන් අතරේ මං සෙව්වා ඔබේ උණුසුම් සුසුම් බිඳුවක්......

ඒ සොඳුරු වස්සානේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.