චක්‍රාවාටයේchakraawaatayee

Chakrawataye

Music:
නදීක ගුරුගේnadhiika gurugee
Lyrics:
චමින්ද රත්නසූරියchamindha rathnasuuriya

Lyrics

මේ චක්‍රාවාටයේ
ගලා යයි ජීවිතේ

කෙම් බිම සෙව්වෙමි ආද‍රයේ
රන් දෙවොලට වැදුනෙමි රති ක්‍රීඩාවේ
ශෘංගාර නර්තනයේ
සුරූපී නෘත්‍යාංගනාවන්ගේ
මන රංජනය කළෙමි
කෙළවර නොදුටිමි

මේ චක්‍රාවාටයේ
සියවස් දහසක් මුළුල්ලේ
සංසාර ගිරිඹයද මැදින්
ගලා යයි ජීවිතේ
අවසානයක් අවසානයක් නැති

මහා පොත් අතර සැරුවෙමි
දර්ශන මතවාද ගෙනහැර පෑවෙමි
මිනිසුන් අතරම ඒ
හුදෙකලා වුණෙමි

මේ චක්‍රාවාටයේ
සියවස් දහසක් මුළුල්ලේ
සංසාර ගිරිඹයද මැදින්
ගලා යයි ජීවිතේ
අවසානයක් අවසානයක් නැති

මහා පොත් අතර සැරුවෙමි
දර්ශන මතවාද ගෙනහැර පෑවෙමි
මිනිසුන් අතරම ඒ
හුදෙකලා වුණෙමි

මේ චක්‍රාවාටයේ
සියවස් දහසක් මුළුල්ලේ
සංසාර ගිරිඹයද මැදින්
ගලා යයි ජීවිතේ
අවසානයක් අවසානයක් නැති

මේ කාලාත්‍රයේ
නොනිම් සංග්‍රාමයේ
නැවතුම සොයාගතිමි
නිදුකාණනේ
සම්මා සම්බුද්ධ වූ
ඒ චවනයෙහි
නිවී සැනහෙමි
සැනහෙමි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.