චාරු දේවී (ඇස් කොනින්)chaaru dheewii (aes konin)

Chaaru Devi (As Konin)

Music:
නිසල් ගමගේnisal gamagee
Lyrics:
නිසල් ගමගේnisal gamagee

Lyrics

(ඇස් කොනින් නුරා බැලුම්
දෙතොල් අගින් සිනා කැළුම්
මන්දහාස මුවග වෑහෙනා
නින්ද නේන හේතු සෑදෙනා...//)

ළමැද යහනේ හිස තියා
හිඳිමි දෙවුරේ අත තියා
සුහදිනීයේ ලං ලං වෙලා
හිසම පිරිමැද සනසනා
සුවයටම නතුවෙමි සිතා
ස්නේහ වර්ශාවෝ ඉතිරෙනා
නුඹමවේ මා රාජිණි
සංසාර ගමනේ හා බැඳී
නිම් නොවූ ස්නේහයේ හොවා

ඇස් කොනින් නුරා බැලුම්....

උදුල සඳවත දැක නිතී
පියුමුපුල නොබලා ඉමී
චාරු දේවී මා සනසනා
සිහින හැම ඔබ හා බැඳී
ලොවම ඔබ වෙනවා දැනී
ආල සන්තානේ ඉතිරෙනා
හිඳිනෙමී මා ආදරී
සංසාර ගමනේ හා බැඳී
නිම් නොවූ ස්නේහයේ හොවා

ඇස් කොනින් නුරා බැලුම්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.