Lyrics
හා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ හඬ නගා
මැණිකේ නිසයි ගඟ දිලෙන්නේ තවත් හැඩ වෙලා//
ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය
ඔබේ රුව හන්දා පැල් කවියට ගැමි ගීයට
කවුරුත් මන බැන්ද කනට කරට රන් අභරණ
මුතු මාලය පාට සේලය මට නැති හන්දා
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා
හා මල් පිපෙන්නේ...//
කලේ උකුලේ තියලා බුලත් විටක් හපලා
දෑසන් දෙපොල පෙන්වලා ටිකිරි සිනහව පාලා
මම ඉන්නවා දැකලා අනිත් පැත්ත බලලා
යනවනේ මහ නුවර මැණිකෙලා
යනවනේ මහ නුවර මැණිකෙලා
හිමිදිරියෙන් හිමිදිරියෙන් පිබිදෙන්නේ පිබිදෙන්නේ
ගම්මානෙන් ගම්මානෙන් ඔප වන්නේ ඔප වන්නේ
කලෙත් අරන් කලෙත් අරන් බැස යන්නේ බැස යන්නේ
ඉඟ සොලවා ගෙන යන්නේ
කලේ උකුලේ තියලා...//
නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වළාකුලෙන් රුවල් දමාලා, බාලලියෝ මල් අටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නගාලා දේදුන්නේ එගොඩ වෙලා
යමු නැලවීලා සුරඟන ලෝකේ සොයාලා
දේදුන්නේ එගොඩ වෙලා
යමු නැලවීලා සුරඟන ලෝකේ සොයාලා
සුරඟන ලෝකෙදි මම සුළඟක් වීලා
ඔබ නලවමි පවන් සලාලා
පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා
සුවඳ එවමි සුළඟේ ඔතලා
එවිට මල සොයා පියඹා එමි රුන් ගාලා
මම සමනලයෙකු වාගේ සැරසිලා
සොඳුරු සමනල එන කල මලට පියඹලා
පිළිගන්න පෙති විහිදලා...