කැලිප්සෝ 1kaelipsoo 1

Calypso NonStop ( Part 1 )

Lyrics

(මැණිකේ ඔබේ සිනාවේ 
දියවැල් ගලා ගියාවේ 
නාමල් පිපී උදාවේ 
ආදරේ ඔබේ කතාවේ...//)

(මිහිරේ ඔයා පතාවී 
මේ ගමන මේ දුර ආවේ...//)
(පිළිගන්නකෝ දයාවේ 
මේ ඔබේ සුපෙම් ලතාවේ...//)

මැණිකේ ඔබේ සිනාවේ...

මී අඹ වනයේ ගී හඬ පතුරා 
කාවද අමතන්නේ ලස්සන මුහුණට 
ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ 
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට 
කොහොමද ඇවිදින්නේ 
ලා නිල් පාටට දිලිසෙන හින්දද 
ඇස් දෙක නලවන්නේ...

සිහිනෙන් සිහිනෙට ඔබ එනවා 
මොනවද හෙමිහිට මුමුණනවා 
හදවත රිදුමද නවතිනවා 
මොහොතින් යලි නොපෙනී යනවා 

මී අඹ වනයේ...

පෙම් ලෝකේ පුරා ඔබ සෙව්ව සුදා 
මල් මාල ගොතා පළඳන්න ගෙලේ දාලා 
ගේ ගාව දොළේ මල් පිපුණු කැලේ 
එනකන් සිටියා ඔබ කොහෙද ගියේ දාලා 
(අත ගන්න ඔබේ මම විඳපු දුකේ 
හැටි දන්නෙ මේ මා විතරයි...//)
ඔබ දැක නොබලා මට ඉන්නට බැහැ 
ඒ හින්දා තමා මම එන්නේ ඔබව සොයා 

පෙම් ලෝකේ පුරා ඔබ සෙව්ව සුදා 
මල් මාල ගොතා පළඳන්න ගෙලේ දාලා 

(උඩරට කඳුකරයේ ගමනක් යන කල ඒ 
දුම්රිය උඩරට මැණිකේ ස්වර්ණා හමුවූයේ...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.