බුරුම් බුරුම් බ්රූම්burum burum bruum

Burum Burum Brum

Lyrics

බුරුම් බුරුම් බ්රූම්//

සමගිය සහයෝගය හොඳ හිත මනුස්සකම
යකඩින් හැදුණ බ්රූම්ට දෙයියෝද දුන්නේ
කැපිල්ල කටු ගැහිල්ල පංචම රැවට්ටිල්ල
නුවණින් පිරි නුඹටත් දෙයියෝද දුන්නේ...

උඩට යන්නකෝ කෝ බිම දමන්නේ නෑ බ්රූම්
අනුන්ගේ දුකේදී පැනලා යන්නේ නෑ බ්රූම්...

ඇඟිල්ලේ තරම නොදැන ඉදිමෙන්න හදන අයට
අනුන්ගේ ඇදේ හොයා අනුන්ව වලට දාන අයට
අවංක මූණ දාපු බොරුවෙන් පිරි ජීවිතේට
දුම්මල අරන් ඇවිත් ඒ අරමිණ දුරු කරන්න...

උඩට යන්නකෝ කෝ බිම දමන්නේ නෑ බ්රූම්
අනුන්ගේ දුකේදී පැනලා යන්නේ නෑ බ්රූම්...

සමගිය සහයෝගය...
බුරුම් බුරුම් බ්රූම්...////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.