බුදුනේ ජේසුනේ අල්ලාහ් දෙවියනේbudhunee jeesunee allaah dhewiyanee

Budune Jesune Allah Deviyane

Lyrics

බුදුනේ ජේසුනේ අල්ලාහ් අල්ලාහ් දෙවියනේ....

සාමේ හඬ සුන්ව ගියා 
එදා තිබූ  මුවේ සිනා 
අද කොහෙදෝ පාවෙලා ගිහින්
කඳුළු ගඟක් ගලා ගියා 
ගස්වැල් සැම සුන් කරදා 
යුධ ගිනිදැල් ඇවිලිලා යමි
බුදුනේ ජේසුනේ ඔබ තුමාණනේ 
ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලාහ් දෙවියනේ ඔබ එදා නොවේ 
අද දවසේ ඉන්නට තිබුණේ

වාද වෙවී අසමගි වී භේද බින්න වී සැම දෙන 
විනාශ වී මුළු ලොව නැසුණා
රුක් දෙවිඳුන් අද නැතිවා කැලේ සතුන් සැම නැසුවා 
මිහිකත ගිනි වැදී සුන්වුණා
බුදුනේ ජේසුනේ ඔබ තුමාණනේ 
ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලාහ් දෙවියනේ ඔබ එදා නොවේ 
අද දවසේ ඉන්නට තිබුණේ

අනාගතේ සුන්වීලා අනාථයෝ බිහිවීලා 
පරාද වී අප සැම නැසුණා
මිනිස් ගුණේ සැංගීලා අගාධයේ ඇද වැටිලා 
හිරු තැවිලා මුළු ලොව නැසුණා
බුදුනේ ජේසුනේ ඔබ තුමාණනේ 
ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලාහ් දෙවියනේ ඔබ එදා නොවේ 
අද දවසේ ඉන්නට තිබුණේ

යුධ ගිනි දැල් නිම වීලා සාමයෙ මල් පිබිදීලා 
බිහිවේවා සොඳුරු හෙට දිනේ
එකමුතු වී සමඟි වෙවී ජාති භේද සුන්කරමින් 
එකම මවගේ දරුවන් විලසේ
ආශා සුන් නොවි අප හැමෝගේම 
දුක් දොම්නස් නිමා වුණාවේ
(බුදුනේ ජේසුනේ අල්ලාහ් දෙවියනි 
අප ලෝ වෙත යළිඳු එනු මැනේ...//)
අල්ලාහ් දෙවියනේ ඔබ එදා නොවේ 
අද දවසේ ඉන්නට තිබුණේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.