Lyrics
බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙල ලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ
අනේ සුවාමිනි මා ගෙළ ලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙල වැලලූවොත් මගෙ මළකද අම්මට පෙන්නන්න එපා
ඇතිදා ළග උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා
නැතිදා ළග උන් බුදු අම්මේ උඹ දුක් ගිනි ගන්න එපා
බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසිදිනෙක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පායුග වැද සමුගනිමි මෙමා
කෙළිලොල් කම් කෙළි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්මා සිහිවෙයි
බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගේ පුතුය අනේ
මතු උපදිනදා මාගෙම පුතුවෙයන් හොද මිනිසෙකු ලෙසිනේ