බුදු තාත්තෙbudhu thaaththe

Budu Thaththe

Lyrics

බුදු තාත්තෙ බොන්න එපා - බුදු තාත්තෙ බොන්න එපා

එතෙරක දහදුක් විඳ අමිමා කාසි සොයා දෙන්නේ
සුරා සැලේ ඒ සේසත දියකර ඔබ ගෙදරට එන්නේ

අකාරුණික ලෝකය අමතක කරනට ඔබ ලෝදිය බොන්නේ
එවිට අපද ඒ අකාරුණික වූ ලොව වල්මත් වන්නේ

හාමත් වී අප නින්දට යන විට අසලින් ඇලවෙන්නේ
වරදට තැවෙමින් අප තුරුලට ගෙන තනිවම වැළපෙන්නේ

අප පාගා ගෙන ඉන්නා සතුරන් සටනට කැඳවන්නේ
සිහියෙන් මිස අසිහියෙන් කෙලෙසද සතුරන් වනසන්නේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.