බුදු සිහිල ගලාලාbudhu sihila galaalaa

Budu Sihila Galala

Lyrics

බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා…//

මහ කරුණා දිය ගැඹරේ
මෙත් මුදිතා නල රැල්ලේ
නිවන් මගට සැනසිල්ලේ
එනමුදු ලොව ඝණ අඳුරේ
එනමුදු ලොව ඝණ අඳුරේ…

බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා…//

සිරි පතුලේ පහස වැදේ
දළඳා හිමි රැස් විහිදේ
බුදු බණ හඬ ලොව පැතිරේ
මිනිසත්කම තව නින්දේ
මිනිසත්කම තව නින්දේ…

බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා…//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.