බුදු නෙතින් දකින්නටbudhu nethin dhakinnata

Budu Nethin Dakinnata

Music:
කරුණාරත්න විජේවර්ධනkarunaarathna wijeewardhhana
Lyrics:
මහින්ද නාමල්mahindha naamal

Lyrics

බුදු නෙතින් දකින්නට මෙත් සිතින් සිතන්නට 
ලෝ දනන් පුබුදු වන සංඝායනාවකට කාලයයි 
සංඝායනාවකට කාලයයි    
කාලයයි දහම හද නිවාලන කාලයයි 
ලෝකයක් තනන්නට කාලයයි

කෙත් යසස් රැස් වළලු තමන්ටම ගොඩනගන 
මෝහ මග අතැරලා නිවන් මග දකින්නට 
චාරිකා කරන්නට කාලයයි 

දුක් සුසුම් සිත් වෙරල නිරන්තර රල නගන 
භව දුකින් මිදෙන්නද අප්‍රමාද වූ හදින්   
ධර්මයේ හැසිරෙන්න කාලයයි 

බුදු නෙතින් දකින්නට මෙත් සිතින් සිතන්නට 
ලෝ දනන් පුබුදු වන සංඝායනාවකට කාලයයි 
සංඝායනාවකට කාලයයි    
කාලයයි දහම හද නිවාලන කාලයයි 
ලෝකයක් තනන්නට කාලයයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.