බුදු කරුණා දෑස තෙමීbudhu karunaa dhaesa themii

Budu Karuna Desa Themi

Music:
නන්දා මාලනීnandhaa maalanii
Lyrics:
අනුරාධා සෙනෙවිරත්නanuraadhhaa senewirathna

Lyrics

බුදු කරුණා දෑස තෙමී
මෙත් සිහිලැලි ඇද හැලුණා
නිවා තාප ලෝ කතරේ
අමා වතුර ගලා බසී

බුදු කරුණා දෑස තෙමී...

කඳු වැටිවල නිසොල්මනේ
ගහ කොළ මල් පිපී නටයි//
නැවුම් පොළොව නව නිල්ලේ
බුදු සිරිපා පහස ලබයි

බුදු කරුණා දෑස තෙමී...

කෙළෙස් මලින් උකටලි සිත
නිවා තවන සුවය සොයයි//
නිසල ඔබේ බුදු රුව ළඟ
මගෙ හද භාවනා කරයි

බුදු කරුණා දෑස තෙමී...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.