බුදු බණ කිව්වාbudhu bana kiwwaa

Budu Bana Kiwwa

Lyrics

බුදු බණ කිව්වා නිරන්තරේ 
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ.....

බෝසත් ගතිගුණ පිහින්නේ නැති
ගතියක් අපි හට ඇතිවන මන්දා
මේ තරමට බුදු ගුණ අහනා රට 
දින දින පිරිහෙන කරුමය මන්දා......

සිරිත් විරිත් යහ ගුණෙන් පිරී ගිය
නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එක ඉර හඳ යට හිනැහෙන දවසක්
යළි කවදාවත් නේවිද මන්දා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.