Lyrics
බෝවිටියා දං පළුකං වාරේ
මේ නොවැ පොඩි නංගෝ
කුරුඳු කැලේ සුදු වැල්ලේ මාදං
වැහි වැහැලා නංගෝ…
සිහි වෙනැවිට තොල කටද තෙමෙයි මේ
මා යනවා නංගෝ…
මා යනවා නංගෝ…
මගෙ කිරිසුදු අයියේ
මා එනවා අයියේ
අයියේ යමු යමු සුදු වැල්ලේ
ඇයි නංගෝ මා අතහැර යන් කෝ
මා වෙලටයි යන්නේ
බාලොලියා බෝවිටියා කන්නෝ
නරක ළමෝ නංගෝ
එදා වගේ මා ඕලු නෙලාගෙන
එනවා සුදු නංගෝ
එනවා සුදු නංගෝ
මට අද ඕලු එපා
බාලොලියා ද එපා අයියේ
මා ගෙදරම ඉන්නාං
ඒ බොරුවට මා විහිළු කළා නොවැ
තරහද මගෙ නංගෝ
රතට රතේ කජු පුහුලම් ඔබ දැකැ
සැඟැවෙනවා නංගෝ
අපට එපා ඔය ලජ්ජා වැඩි අය
එන්නැ මෙහෙන් නංගෝ
එන්නැ මෙහෙන් නංගෝ
ටික ටික සැඟවෙනවා
එබිකම් කර යනවා
හා හා ඔබ දැක නෙවැ අයියේ
පුහුල් හොරා නම් කරින් දැනෙන්නා
කීවා නොවැ නංගෝ
සුදෝ ඔබේ දිව තොල් කළුවූයේ
කිමද අහෝ නංගෝ
මටත් හොරෙන් ඔබ දං කෑවා නොවැ
යසයි යසයි නංගෝ
යසයි යසයි නංගෝ
එකක් කටේ වැටුණා
ටිකක් රහත් බැලුවා
ඔබගේ දත්ටික දම් පාටයි