බොරුවට අඬ අඬboruwata anda anda

Boruwata Anda Anda

Lyrics

බොරුවට අඬ අඬ අම්මිට වද දෙන
චූටි මගේ සුදු දූ කුමරී
හැමනැත දුව පැන ගේ හැඩි කරවන
මගෙ සුරතල් සුදු දූ කුමරි

වැඩ පල කරදෙන - නෑ බෑ නොකියන
අම්මගෙ - තාත්තිගෙ දූ කුමරී
මල්ලි හැඬුවම විගහට නළවන
අම්මගෙ - තාත්තිගෙ දූ කුමරී

කම්මැළියා - හිරු නැගෙනා තුරු දොයි දොයියා
උදේ පාන්දර හරි සීතලයිනෙ තාත්තේ
පුංචි චුවේ මුළු දවසෙම සෙල්ලම් පිටියේ
කළුවර වෙන්න ඉස්සරවෙලා ගෙදර එනවනේ

අළුත ගෙනා ගල් ලෑලි දහයක් කැඩුවා
බිම වැටුන ගමන් කැඩෙනවානෙ තතේතේ
හරිම වසයි - පොඩි මල්ලිට කෝටුවෙන් ගසයි
දඟ කරන නිසානේ ගහන්නේ තාත්තේ


Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.