බොරුවක් කලා කියාboruwak kalaa kiyaa

Boruwak Kala Kiya

Music:
ඩිලාන් ප්‍රියංකරdilaan priyankara
Lyrics:
ලහිරු C ජයකොඩිlahiru c jayakodi

Lyrics

බොරුවක් කලා කියා
අමනාප නෑ සදා 
හැරදාලා දුර ගියා 
සිවු වසක පෙම අතැර දා 
ඔබ මාව තනිකර දමා 

(දුරක ඇදිලා ගියා සිත රවටලා 
මතක නැතිදෝ ඔයාට මා මැවූ සිනා)...//
පෙරදාක ඔබෙ වෙන්නට පතලා 
හැමදාම දුක් ගින්දර හින්දා 
මතුදාක ඔබෙ වෙන්නට පතලා 
යනවා හැර දා..
යනවා හැර දා..

(කඳුළු පිරිලා දෑස තුල සිත ගොළු වෙලා 
එදා ඔබ දුන්නු පැතුමන් එයි ලියැලලා)...//
පෙර දිනක සිටියා ඔබ හා මා 
අද තනිව ඉන්නේ කෙලෙසින් මා 
ගිය තැනක සතුටින් ඉන්න කියා 
යනවා හැර දා..
යනවා හැර දා..

බොරුවක් කලා කියා
අමනාප නෑ සදා 
හැරදාලා දුර ගියා 
සිවු වසක පෙම අතැර දා 
ඔබ මාව තනිකර දමා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.