බොරුකාරිborukaari

Borukari

Lyrics

කුමක් කරත් කොහේ ගියත් මොනවා වුණත්
මග බලන් හිටියා මම අදත් පැය දෙකක් තුනක්
දිනක් දෙකක් පමා වුණත් නෑ කවදාවත්
මම පමා වෙලා මේ වගේ එක දවසක්වත්
බඩත්ගිනි නෑ උදේ ඉඳන් මට තේ උගුරක්
බොන්නට අහලක පහළක පොඩි කඩයක්වත්
ඉවසාගෙන හිටියා නම් මම තව දුරටත්
තාමත් හංදියේ අඹ ගහයට මම උඹ එනකන්

මාව මග නොහැරපං පං පං 
මගෙ මූණටම කියාපං පං පං
පැත්ත ගියත් උඹ ඇත්තම කියලා
මාව දාලා පලයං යං යං 
මගේ දෑස් දිහා බලපං පං පං
තවත් වරක් හිතපං පං පං 
මට කියන කරන දේ සුදුසුයි දැයි 
උඹ හිතෙන් අහලා බලපං පං පං 

මතකයි මට අද වගේම තව එක දවසක්
මීට මාස දෙකයි දින දහයයි එදා වැහි දවසක්
මඩත් වැඩී වැහි පොදත් සැරයි මගේ කුඩෙත් පොඩී
උඹේ මුහුණ වගේ මුළු අහසත් එදා හරි අඳුරුයි
විදුලි කොටයි ඒවත් උඹේ කට වගේ සැරයි
අදත් කළේ උඹ එදා මට කෙරුවා වගේ වැඩක්
හේතුවක් ඇතත් හේතුවක් නැතත් බැහැ කවදාවත්
සමාව දෙන්නට ඔය බොරුකාරිට තව පාරක්

මාව මග නොහැරපං......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.