බොඳ මීදුම් කඳුරැල්ලේbonda miidhum kanduraellee

Bonda Meedum Kadurelle

Lyrics:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

Lyrics

චිත්‍රපටය: දුහුළු මලක් (1976)

බොඳ මීදුම් කඳුරැල්ලේ
සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කඳුළු බිඳක් 
හෙටත් වාසනා.. හෙටත් වාසනාවන්

සිහින නදී රළ රැල්ලේ
පැතුම් රුවල් රන් ඔරුවේ
ඔබේ නිමල නිද්‍රා ගී
මටත් වාසනා.. මටත් වාසනාවන්

සිතක තැවුල් සංසිඳිලා
මිටියාවත මල් ඉසිලා
මල් වරුසා සුවඳ සමය 
මටත් වාසනා..මටත් වාසනාවන්

රෑ සියන්නේ නොනිමි නාද 
තැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුණු හුදකලාව 
මටත් වාසනා.. හෙටත් වාසනාවන් 

සිහින නදී රළ....
බොඳ මීදුම් කඳුරැල්ලේ....

මාල හතක් පළදන්නට
හීන හතක් එලිවන්නට
දොලොස් මහේ පහන් එළිය
මටත් වාසනා..හෙටත් වාසනාවන්

අනාගතය කිරුළු දරා
දෙපා මුලට වඩින තුරා
ලවන් පොඟන මියුරු තෙපුල්
(මටත් වාසනා.. හෙටත් වාසනාවන්...////)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.