බොල් වී අහුරුbol wii ahuru

Bol Vee Ahuru

Music:
සරත් දසනායකsarath dhasanaayaka
Lyrics:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

Lyrics

බොල් වී අහුරු වෙල් සුළගේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම

දම් පැහැ කහට කජු පුහුලම් පිපි කාලේ
රංචුව ගැහුණු හැටි මතකද අපි බාලේ
මල්වර වියේ නුඹ ඉදහිට දුටු වේලේ
බැරිවුණි කියා ගන්නට හිත බැදි ආලේ

නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ
පිට ගං ගොසින් මා අමතක වුණත් නගේ
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.